ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්
අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල්…








