ආයුර්වේද දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක් අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු ඩෝසර කරයි
ආයුර්වේද දෙපාර්තුමේන්තුවට අයත් අනුරාධපුර ආයුර්වේද රෝහල් ඉඩමේ පිටිපස කොටස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු විසින් ඩෝසරයක් යොදාගෙන ශුද්ධ පවිත්රකර වැටක් ඉදිකර තිබෙන බව රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් අනාවරණය කළහ. අනුරාධපුර අනාගාරික ධර්මපාල මාවතේ උසාවිය ඉදිරිපිටින් ශික්ෂන රෝහලේ මෘත ශරිරාගාරයට පිවිසේන අතුරු මාර්ගයට යාබදව අයුර්වේද රෝහල් භූමියේ අවසන් මායිම් සීමාව පිහිටා තිබෙනා…
බස් රථවලින් කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක්
හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගින් රැගෙන යාමත් සමග එම බස් රථවලින් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක් පවතින බව බස් මගින් පවසති. මස්කෙළිය, බගවන්තලාව, සාමිමලේ, සාංචිමලේ, ෆෝඩයිස් හරහා ඩයගම වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගීන් රැගෙන යාම සිදු කරන බවත් මෙම තත්වයන්…
සිනා දියවී එන්න ඔරු පදින්න
අන්තර් ජාලයේ සරණ ඇසිල්ලක, හිත අතීතයට විසිකළ පොටෝවක් හම්බවුණා. එකපාරටම ඒ පොටෝව, ඇහැ ඇතුලට කඩාගෙන පැන්නා කිව්වොත් හරි. සුදු යුවතියක් කඳු මුදුනක ඉඳලා කුරුළු ඇසින් පහළ තුරු සිරස් අමතන සෙයියාවක් ඒ පොටෝවේ චිත්රණය වෙලා තිබුණේ.. අම්මෝ.. අතීතයක අරුමය දියරණය වෙලා වැගිරෙන්න උනා. ඉතිං ඒ මතක සළු එකිනෙක උනා ඒ දිය හැළුමේම පහළට, පුංචි පතක ඕවිල්ලක…
සේවාව අකුරට ඉටු කල පොලිස් නිලධාරින්ට ඇග බේරාගෙන රාජකාරි කිරීමට සිදුවෙයි
අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකු පටු අරගලයක නිරතවීම නිසා සේවාව අකුරට ඉෂ්ඨ කල පොලිස් නිලධාරින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඩුවම් ක්‍රියාත්මක කිරීමට නියෝග නිකුත් කිරීම නිසා සිය රාජකාරි ඇග බේරාගෙන සිදුකිරීමට සිදුව ඇති බව අනුරාධපුර පොලිස් වසමේ පොලිස් නිලධාරින් පිරිසක් අනාවරණය කළහ. කොට්ඨාශයේ උසස් පුටුවක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු…
සහිඞ් අෆ්රීඩිට එල්. පී. එල්. පළමු තරග දෙක මග හැරෙයි
මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඞ් අෆ්රීඩි නියමිත දිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසු වුවත් ඔහුට ගුවන් යානය මගහැරී ඇත. ඒ සම්බන්ධයෙන් කනගාටු නොවන ලෙසත් ඉතාමත් ඉක්මින් ගාල්ල ගැලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්වන බවත් අෆ්රීඩි සඳහන් කර තිබේ. ගාල්ල කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා වශයෙන් සහිඞ් අෆ්රීඩිව නම් කළ අතර එහි දේශීය ප්‍රධානතම ක්‍රීඩකයා…
බයිඩන්ගේ සගයෝ ලංකාවට එරෙහි වෙති
ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ්‍රී ලංකාවට එරෙහිව එරට කොංග්රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සමග එක්ව ක්‍රියා කළ යුතු…
මුව ආවරණ මහ මග දැමීමෙන් කසල කළමණකරන කම්කරුවන් අවදානමේ
කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට භාවිතා කරන මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීමෙන් කසළ කළමනාකරණ කටයුතුවල නියුතු සේවක පිරිස් බරපතල ගැටළුවකට මුහුණදී සිටින බව කළුතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. භාවිතයෙන් ඉවත් කරක මුව අාවරණ ඉතා ආරක්ෂාකාරීව බැහැර කළයුතු වුවත් නිවෙස්වලින් බැහැර කරන සාමාන්‍ය කසළ බඳුන් තුළම දමා කසළ රැගෙන යන ට්‍රැක්ටර් රථ වලට දෙන බව…
පුත්තලමෙන් කහ කිලෝ 250 ක් මතුවෛයි
නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් සගවා තිබූ කහ කිලෝ 250 ක් පුත්තලමේදී පොලිස් භාරයට ගෙන තිබේ. පුත්තලම ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ කිලෝ 250 ක් අත්අඩංගුවට ගැනුණි. අප වාර්තාකරු පැවසුවේ පුත්තලම නගරාසන්නයේ වී මෝලක සගවා තිබියදි කැබ් රථයක් තුළ තිබී කහ…







