තවත් බ්‍රැන්ඩික්ස් කම්හලකින් කොරෝනා රෝගීන් මතුවෙයි
කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකුට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග…









