සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය.

චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය.

“ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව,” බව ඔහු කියා සිටියේය.

“ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව හා ස්වෛරීව පැවතීම එක්සත් ජනපදයට උපායමාර්ගිකව ප්‍රබල හවුල්කරුවෙකුලෙස සැලකිය හැකියි. එය නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා උදව් වෙනවා. එය චීනය අපේක්ෂා කරන දෙයට වඩා හාත්පසින්ම වෙනස්. චීන කොමියුනිස්ට් පක්ෂය විලෝපිකයෙක්, ඒ බව ගොඩබිම හා මුහුදේ ස්වෛරීභාවය සහ නීති උල්ලංඝනය කිරීම් වලින් අපි දකිමු,” අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය.

චීන තානාපති කාර්යාලයෙන් වහා ප්‍රතිචාරයක් !

ඇමෙරිකාවට එක්වර භූමිකාවන් දෙකක් රග දැක්වීමේ හැකියාව ඇති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අද නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සදහන් වන්නේ ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බැවින් චීනය කාර්යබහුල වී සිටින බවයි.

ඇමෙරිකාව සමග ක්‍රීඩා කරමින් සිටීමට උනන්දුවක් නොමැති බවද එහි සදහන්.

ඇමෙරිකාවට සෑම විටම එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්වීමේ හැකියාවක් පවත්නා බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සදහන්.

 

Similar Posts