මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

2020 අප්‍රේල් මස 25 වෙනිදා COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා. රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්,…

කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිරිස 52ක් වනවා. එක් දිනක් තුල මෙරටින් සොයා ගැනුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි

පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි

විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම්…

badweather

අප්‍රේල් 26 න් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක්

අප්‍රේල් 26 වෙනිදායින් පසු, තාවකාලිකව දිවයින ආශ්‍රිත වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට…

චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 30ක පරිත්‍යාගයක්

චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 30ක පරිත්‍යාගයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය තීරණය කර තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ කටයුතු වෙනුවෙන් අදාළ මූල්‍ය පරිත්‍යාගය සිදුකිරීමට චීන රජය තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලතම දායකත්වයක් ලබාදෙන අමෙරිකාව සිය මූල්‍යාධාර අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව චීනය මෙම පරිත්‍යාගය සිදුකිරීම…

අමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙනවා. නවතම සංඛ්‍යා ලේඛණ අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 50,243ක්. වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 886,709ක් වේ. මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 191,074ක් වන අතර සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව මිලියන 2.7 ඉක්මවා තිබෙනවා.

sripadaya

පරිසර දූෂණය අඩුවී කොළඹට ශ්‍රී පාදය පෙනෙයි

කොළඹ  ප්‍රදේශ කිහිපයකට මේ දිනවල ශ්‍රීපාදස්ථානය දර්ශනය වන අයුරු බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිබේ. කොවිඩ් 19 හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා ක්‍රීයාත්මක නොවිමත්, වාහන ගමනය සීමා වීමත් හේතුවෙන් පරිසර දූෂණය අඩුවී තිබේ. මේ අනුව වාතයේ දූවිලි අංශු ප්‍ර්‍රමාණය අඩුවී වායු ගුණාත්මක බවද ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ බව සනාථ කර තිබේ. වායු…

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ පරීක්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලියක් යුධ හමුදාව සිදු කරනු ලබයි. ඊට යුධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් එක්ව ඇත. අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයින් අතරින් අහඹු ලෙස තොරා ගන්නා පුද්ගල කණ්ඩායම්වල ශරිර උෂ්ණත්වය මැන බැලීම මෙහිදී සිදු වෙයි.

curfew

අද රෑ 8 ට පැනවෙන ඇදිරිය දින 2ක් බලාත්මකයි

අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5 ට යළි ඉවත් කෙරුණා. කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය යළි අද රාත්‍රී 8ට බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය එළඹෙන සඳූදා…

අවදානම් තත්වයක් – කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි

අවදානම් තත්වයක් – කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි

කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි. පොකුරු…