Rise & Fall Of Nationalism In North & South
|

ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම – ජෙහාන් පෙරේරා

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින වෙනත් ගැටුම් හදිසියේම පහව යන…

ranil-wickkaramasighe

ගොවි ගැටලුවලට ජනපතිගේ ප්‍රමුඛතාව

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 10 තුළ විශාලතම කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරන බවයි. ත්‍රිකුණාමලය, ගලමැටියාව ප්‍රදේශයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය. ඉන්දියාව සමඟ…

උතුර – උතුරු මැද සහ නැඟෙනහිර ඒකාබද්ධ කරමින් නගර ව්‍යාපෘතියක්

උතුර – උතුරු මැද සහ නැඟෙනහිර ඒකාබද්ධ කරමින් නගර ව්‍යාපෘතියක්

උතුර – උතුර මැද සහ නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් විසල් අනුරාධපුර නැමති නගර ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. දුම්රිය පදනම් කරගත් ප්‍රවාහන සේවාවක් රට මැද ක්‍රියාත්මක කිරීම එමඟින් සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

සමථ මණ්ඩල වැඩ 70%ක් සාර්ථකයි
|

සමථ මණ්ඩල වැඩ 70%ක් සාර්ථකයි

සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින් සීයයට හැත්තෑවකට වර්තමානයේ විසැදුම් ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් සදහා හදුන්වා දුන් ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල ක්‍රමය ඉතාමත් සාර්ථක බව කී අමාත්‍යවරයා එම ක්‍රමය දිවයින පුරා හදුන්වාදීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය….

bandanagara
|

බන්ධනාගාර රෝහලේ තදබදය ඉහළට

බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රඳවියන් 380ක් සිටින බවද එම ආරංචි මාර්ග පැවසීය. මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයි පැවසේ.

arrack

සුරාසැල් වැසෙයි

දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ. ඒ, 76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන්. ඒ අනුව පෙබරවාරි මස 3 වන දින සුරාසල් වසා දමන වේලාවෙන් පසු නැවත ඒවා පෙබරවාරි මස 5 වන දින සාමාන්‍ය පරිදි විවෘත කිරීමට හැකියාව ලැබේ.

july chung

ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධාවක් – ජුලි චංග් කනස්සල්ලෙන්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත….

දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
|

දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට

ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…

e news sri lanka

මත්පැන් සමාගම් 9 කට වැඩ වරදී

සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත්…

dailyreporter

මැතිසභා ’’බස් පත’’ ජනවාරි 31 න් අහෝසියි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලයේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට දෙන බස් ගමන් බලපත ජනවාරි 31 වැනිදායින් පසු අහෝසි කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට ලබාදෙන මෙම බස් බලපත වෙනුවෙන් මහ භාණ්ඩාගාරය වසරකට රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වෙන් කරන බව පැවසේ….