රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්

රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්

රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. “රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල…

මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී

මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී

ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් විය. කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව…

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත සම්මතයි

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත සම්මතයි

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ. පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විිය.

ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි
| |

ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…

කාසල්රි පිටාර මට්ටමේ, විමලසුරේන්ද්‍ර වාන් දමයි

කාසල්රි පිටාර මට්ටමේ, විමලසුරේන්ද්‍ර වාන් දමයි

මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ඡලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමට ඉතාමත් අසන්නවෙමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතාමත් ආසන්නව පවතින බවත්ය. ඒ අනුව…

සාකච්ඡාවෙන් පසු අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති

සාකච්ඡාවෙන් පසු අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්‍යාලයේ දී පවැත්වුණු බවයි. අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසන ලදි.

දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක
| |

දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක

ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිකර්ම කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසුව බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. දැන් ප්‍රේක්ෂකයන් වන අපට බලා සිටීමට සිදුව ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව සහ පාලක මණ්ඩලය අතර පවතින මැච් එක බව ද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ…

මංගලාරාම විහාරස්ථානයේ කඨින පිංකම  උත්කර්ෂවත් ලෙස පවත්වයි

මංගලාරාම විහාරස්ථානයේ කඨින පිංකම උත්කර්ෂවත් ලෙස පවත්වයි

හැටන් රුවන් පුර ශ්‍රි වීජය මංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම අති උත්කර්ෂවත් ලෙස පැවැත්විමට හැටන් ආගිල්යා විලාහි සමණ්‍යධිකාරි ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. එම විහාරස්ථානයේ විහාරාධිපති නුවරඑළිය දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පන්නගමුවේ දයාවංශ නායක හිමියන්ගේ අනුසාසනා මත මෙවර වාර්ෂික කඨින පිංකම මේ මස 19හා 20වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. ඒ…

අලූත් ආයෝජන පනතක් එයි
|

අලූත් ආයෝජන පනතක් එයි

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023.1.16 දින පැවති අමාත්‍ය මණ්ඩල…