පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.

පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.

වසර තිස් තිහකට වැඩි කාලයක් නොමිලේ පවත්වාගෙන ගිය පොලිස් නිල දරු පෙර පාසලට ලබන වසරේ සිට මුදල් අය කිරීමට තීරණය කර ඇති හෙයින් පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ, අංක 101 /85 දරණ ස්ථානයේදී 1988 වසරේදී එවකට පොලිස් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකව සිටි පොලිස් අධිකාරි එස්.බී.සේනාරත්න මහතාගේ අදහසකට අනුව පොලිස්පති සිරිල් හේරත් මහතා විසින්…

නව ජනාධිපතිවරයාගේ නිල ධජය

නව ජනාධිපතිවරයාගේ නිල ධජය

පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම ධජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරේ. නෙළුම් මල වටා ඇති කහ පැහැති වෘත්තයෙන් ප්‍රඥාව ද සුදු පැහැති වෘත්තයෙන් සත්‍යවාදී බව ද…

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (2019  නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…

රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!

රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ…

නව ජනපති, වැඩ භාර ගනී!

නව ජනපති, වැඩ භාර ගනී!

හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගනු ලැබීය. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රිමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත. ප්‍රිමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි රු 8.50 ඉහළ දැමීමත්…

ගෝඨාභය හයිබ්‍රිඩ් පුරවැසියෙක් – තේනුවර
|

ගෝඨාභය හයිබ්‍රිඩ් පුරවැසියෙක් – තේනුවර

ඇඟේ රුධිරය ශ්‍රි ලාංකික වුණාට ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා ගත් තවත් පුරවැසිකමක් ඇති හෙයින් ඔහු දෙමුහුන් පුරවැසියෙක් හෙවත් හයිබ්‍රිඩ් පුරවැසියෙක් බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ ඔහු ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කර ගත් බවට නිවැරදි ලේඛණ මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු නව ගමන් බලපත්‍රය ලබා ගැනිමේදි පවා පුරවැසිභාවය අත්හළ බවට ලේඛන ඉදිරිපත් කර…

පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!

පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!

පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු…

යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!
|

යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද (11) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් අරඹනු ලැබීය. ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාද අද (11) සිට චෙන්නායි බලා වාණිජ ගුවන් ගමන් ඇරඹිමට නියමිතය. තම සමාගමට අයත් 91101 දරණ යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12 ට යාපනයට ළගාවන අතර එය…

ජනාධිපති ආරක්ෂකයින්ගේ පුද්ගලික වාහන අංගනයේ ගින්නක්!

ජනාධිපති ආරක්ෂකයින්ගේ පුද්ගලික වාහන අංගනයේ ගින්නක්!

ජනාධිපති ආරක්ෂක අංශය විසින් කුලී පදනම මත භාවිතා කරන කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ (10) රාත්‍රි හටගත් ගින්නකින් අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ජනාධිපති ආරක්ෂක අංශය කුලී පදනම මත මුදලිගේ මාවත පිහිටි මැගී ප්ලාසා ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම වාහන අංගනය පවතියි….