ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය.

රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ.

මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි.

එපමණක් නොව ගිවිසුමට එක්වන රටවල ජනගහනය ගෝලීය ජනගහනයෙන් 30% කට හිමිකම් කියයි.

“මේක විශාල ජයග්‍රහණයක්” යැයි වෙළෙඳ අමාත්‍ය බර්මින්ග්හැම් පැවැසීය.

මේ තුළින් ජාත්‍යන්තර තරගකාරීත්වයට සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානු සමාගම්වලට අවස්ථාව ලැබෙන බවත් හෙතෙම කීය.

Similar Posts