කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා. ඔෆිස් එකේ ගෑනු ළමයින්ට භාරදීලා. බිල් ගෙවන්න, වයිපර් බ්ලේඩ් එකක් ගන්න ඔෆිස් එකේ කැරකුණාට ඒ අය මට කිව්වෙ නැහැ. අමතක වෙලා වෙන්නත් පුළුවන්/ නොවෙන්නත් පුළුවන්. අර තරුණයා ඇහුවා ඒක ගත්තද කියලා. නැවත ගිහින් ඇහුවට පස්සෙ තමයි රුපියල් දාහ දුන්නෙ. “ඒක මේ සර්ගෙද?” කියල ඇහුවෙ අමතක වෙලා වගේ. සර්විස් කරපු කාර්මිකයට සැලකිය යුතු ටිප් එකක් දුන්නා, රුපියල් දාහෙ සීන් එක නිසා. එද්දි අර තරුණයා නැවත ළංවෙලා ඇහුවා සල්ලි ගත්තද, මම තමයි ඒක සොයාගත්තෙ කියලා. මං කිව්වා ටිප්…
Read MoreCategory: පැරාගේ සිතුවිලි
ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය
අජිත් පැරකුම් ජයසිංහ ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි. ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය ශ්‍රමිකයන්ට ගැටලු නැත්තෙ නැහැ. ඒ ගැන සංවිධානවලට හරි අවබෝධයක් නැහැ. නූතන ශ්‍රම ප්‍රවණතා ගැන තවම කාටවත් හරිහමන් විග්‍රහයක් නැහැ. ඒවා අධ්‍යයනය කර තිබෙන ප්‍රමාණය ඉතා අඩුයි. ලංකාවෙ පිළිගත් ශ්‍රම ප්‍රමිති සම්පාදනය කර තිබෙන්නෙ රාජ්‍ය සේවය සමග සන්සන්දනය කරමින්. ඒ වුණාට, රාජ්‍ය සේවයෙන් පිටතට ඒ ශ්‍රම ප්‍රමිතිවල බලපෑම අවමයි. ඒ නිසා තමයි, මාත් ඇතුළුවන බොහෝ ශ්‍රමිකයන් අදත්…
Read Moreකොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි
කොඩි ගහ යට ටෙලි නාට්‍යය ගැන සංවාදයකදී මනෝරම වීරසිංහ මගෙන් අහපු ප්‍රශ්නයක් හේතුවෙන් තමයි මේ සටහන තබන්නට හිතුණෙ. කොඩි ගහ යට නිර්මාණාත්මකයි. පරිකල්පනාත්මකයි. ආකර්ශනීයයි. කලාත්මකයි. විශිෂ්ට රඟපෑම්, අගනා දෙබස්, සිනමාත්මක ඉදිරිපත් කිරීමක් එහි දකින්නට ලැබෙනවා. මම මේක ගොඩක් රසවිඳිනවා. හැම සතියකම එපිසෝඩ් එක එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි, මෙහෙමත් ගන්න පුළුවන්. මේක පාතාලය ප්‍රමෝට් කරන ප්‍රොපගැන්ඩා වැඩක්. පාතාලය, සිරගෙවල් හා මත්ද්‍රව්‍ය, මිනීමැරුම් ආදිය ගැන අතිශය ව්‍යාජ චිත්‍රයක් මෙමගින් නිර්මාණය කරනවා. අපරාධකරුවන් වීරයන් බවට පත්කරනවා. තරුණයන්ව අපරාධවලට පොළඹවනවා. මේක දුටුගැමුණුට රඟපාපු උද්දික ප්‍රේමරත්නව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත්කර එවූ රටක්. පබාට ටෙලි නාට්‍යයේ…
Read Moreවිභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?
මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්. මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා. ඉහළ පුද්ගල ආදායම් බද්ද මේ වන විට රු. ලක්ෂයට වැඩි සියලුදෙනාට බලපාන ප්‍රශ්නයක්. රැකියා කරන අයගෙන් මේ වන විට එම බද්ද නොගෙවා සිටීමට සමත් වෙලා තියෙන්නෙ විනිසුරුවරුන් විතරයි. ඒ වාරණ නියෝගයක් නිසා. මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, ජනාධිපති පවා…
Read Moreආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි
ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති. 2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය. ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රාජ්ය බුද්ධි සේවය ජාතික…
Read Moreරනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා
රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ඉන්නෙ අරගල-පෙරටුගාමී-ජාජබ ලයින් එකේ. යූඑන්නෙක, අයියෙන්ජීඕ, එන්ජීඕ නිසා තමයි අපිත් ඔය හෝටල්වලින් කෑවෙ. ලංකාවෙ දරිද්‍රතාවයට, කාන්තා හිංසනයට, ජනවාර්ගික ප්‍රශ්නයට පිංසිද්දවෙන්න වැඩමුළු, සම්මන්ත්‍රණ අරවා මේවා නිසා මේ මාත් ඔය හැම ජාතියකම තරු…
Read Moreදේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා
මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි කරන්නට ඕනැය කියලා. ඔවුන් හිතනවා ඒක ආචාරධාර්මිකයි කියලාත්. උදාහරණයක් විදියට මහින්ද හොරා කියන දේශපාලනික ප්‍රචාරණය ගන්න. මහින්ද හොරකම් කරන්න ඇති. ඒ වගේම, ඒ සම්බන්ධ විශාල ප්‍රචාරණයකුත් තියෙනවා. ඒ සියල්ල ඇත්ත නෙමෙයි. ඒ වගේම හොරකම නිර්මාණය…
Read Moreදහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය. නාගෙන හවස ගෙදර එන ගමරාළ “ඔන්න ඔය තෙල් ඩිංගක් දියන් ඔලුවෙ ගාගන්න” කිව්වාම ගම මහගේ කියන්නේ “ඕක දැන් ගෑවොත් වෙන්නෙ පැදුරෙ ගෑවෙන එක විතරයි, දැන් එපා,” යි කියාය. මෙසේ බොහෝ කලක් ගෙවිණි. ගමරාළගේ තට්ටය පෑදුණු…
Read Moreප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ
මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුග්ධ ක්‍රියාවකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇත. ජනතාවගේ දුප්පත්කම දුරලීම හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා තිබෙන අරමුදල් හා සම්පත් පෝස්ටර් ගැසීම වැනි වැඩකට නැති වැඩවලට වියදම් වනු ඇත. වැඩකිරීමට තිබෙන මහජන කාලය නාස්ති වනු ඇත. මෙම මැතිවරණයෙන් පසු විවිධ පාර්ශ්වවලට තව තවත් මැතිවරණ අවශ්‍ය වනු ඇත. රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වන අතර එය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ ක්‍රියාවලියට සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට දැඩිව බලපානු ඇත. පළාත් පාලන…
Read Moreඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු
මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ. හැබැයි, තිබුණු ජීවිතේ ආපහු ලබාගන්න ක්‍රමයක් නැහැ. වාමාංශිකයන් බලය ගත්තත් ඒක එහෙමම තමයි. ඒකට හේතුව තමයි ඒ ජීවිතයට පදනම් වුණ තත්වය වෙනස් වෙලා. පදනම වෙනස් වුණාම පැරණි තත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. අලුත් වෙන්නම වෙනවා. මුලින් බැහැ කියලා අඬාවැටුණට…
Read More