රජරට අලි මන්තර පැරණි පුස්කොළ පිටපතක් ඇසුරින්
ලංකාවේ අලි ඇතුන්ගේ ආදිතම සාධක ප්ල්යිස්ටෝසීන (Pleistocene) යුගය තෙක් දිවයන බව පී.ඊ.පී. දැරණියගල මහත්මා සඳහන් කරයි. මොවුන්ගේ පාෂාණීභූත කොටස් (පොසිල – Fossil) සබරගමුවෙන් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. රත්නපුර, පැල්මඩුල්ල සහ කුරුවිට ප්‍රදේශවල මැණික් පතල් ආශ්‍රයෙන් ලැබී ඇති ඉපැරණි පාෂාණීභූත සාධක අතර අලියාට ද අයත් අස්ථි ඇතැයි පැවසේ. පොළොව මට්ටමෙන් අඩි 30-40…









