රිටිගල පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට
රිටිගල අධි පුරාවිද්‍යා රක්ෂිතයට නුදුරින් පිහිටි හුරුලුවැව පතහා යාය ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශවියාමේ දැඩි අවදානමකට ලක්වි ඇතත් පුරාවිද්‍යා බලධාරින්ගේ අවධානය යොමුවි නැති බව ප්‍රදේශවාසින් පවසති. හුරැලුවැවට පතහා යාය යාං ඔය ප්‍රදේශය ආසන්නව පිහිටා ඇති අතර පුරාණ සොහොන් බිමක් කියනා ස්ථානයක්ද දක්නට ලැබේ.ඊට අමතරව ගරාවැටෙමින් පවතින චෛත්‍යක නටඹුන් තැනින් තැන…









