අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය. ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගයේ ප්‍රතිවාදියා බවට පත් වුනේ අයර්ලන්ත කණ්ඩායමයි. ලෝඩර්හිල්හීදී අයර්ලන්ත ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. පැතුම් නිස්සංක ලකුණු…