ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට
|

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කරන ලදි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්. මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට ඵක්වෙයි. වනිදු හසරංග සහ මහීෂ්…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ කාරක සභාවක්

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවදානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි. ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ය. ඒ සඳහා වන වූ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා…

මංකි පොක්ස් ලංකාවට

මංකි පොක්ස් ලංකාවට

මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනකු  (07) හමුවූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසීය. විසිපස් හැවිරිදි කාන්තාවක සහ ඇයගේ බිලිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී. එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන්…

Garment factory

ඇඟලුම් ඇණවුම් සීයට 18කින් පහළට

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇණවුම් සියයට 18 කින් අඩුවී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම අඩුවීම සියයට 20 දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. බටහිර රටවල පසු කොවිඩ් තත්වය මෙලෙස ඇණවුම් අඩුවීමට හේතුව ලෙස හඳුනාගෙන තිබෙන බවද අමුණුගම මහතා පැවසීය. මෙරට ඇඟලුම් කම්හල් කොරෝනා කාලයේ වැඩ කර…

සා/පෙළ විභාගය අදින් අවසන්

සා/පෙළ විභාගය අදින් අවසන්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාගයෙන් පසු කලහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙසයි.

weather
|

සුළිකුණාටුව චණ්ඩ වෙයි

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි. කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ලවේ දැයි මෙතෙක් පුරෝකථනය කර නැත. බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ, මේ වසරේ…

දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි
|

දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි

රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම්…

Gmail ගිණුම් කිහිපයක පාලනය හැකර්වරුන් යටතට

Gmail ගිණුම් කිහිපයක පාලනය හැකර්වරුන් යටතට

Gmail ගිණුම් සඳහා සත්‍යාපන සලකුණ (Blue Checkmark) ලබාදීමට ගූගල් ආයතනය කටයුතු කර තිබුණි. නමුත් එසේ සත්‍යාපන සලකුණ ලබාදුන් ගිණුම් හැකර්වරුන්ගේ පාලනයට හසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හැකර්වරුන් විසින් මුදල් වංචා කිරීම් සහ මුරපද සොරකම් කිරීමට මෙම ගිණුම් භාවිතා කර තිබේ.

vat

බදු ක්‍රමවේදය ගැන රජයෙන් ගත් තීරණය

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය…

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව   ශ්‍රී දළදා මාලිගාවට

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව  ශ්‍රී දළදා මාලිගාවට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි. එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විත වේ. මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව…