ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කරන ලදි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්.

මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට ඵක්වෙයි.

වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ සංචිතයේ සිටින දග පන්දු යවන්නන්.

චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත සහ ළහිරු කුමාර සංචිතයට ඇතුළත් වේගපන්දු යවන්නන් වනවා.

ශ්‍රී ලංකාව සහභාගි වන පලමු තරගය ඵක්සත් අරාබි ඵමීර් කණ්ඩායම සමග ලබන 19 වනදා පැවැත්වෙයි.

Similar Posts