weather

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි.

කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ලවේ දැයි මෙතෙක් පුරෝකථනය කර නැත.

බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ, මේ වසරේ අරාබි මුහුදු ප්‍රදේශයේ හටගත් පළමු සුළිකුණාටුව ලෙසයි.

Similar Posts