gov

රජය තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට සූදානම් වෙයි

රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පැවැසිය. රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට මෙම ඇරයුම කෙළේය. අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.

government information center

ස්වාධීන කණ්ඩායමෙන් දැඩි කොන්දේසි

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ. මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.  

parli

බිලී බාගැනිමේ ප්‍රතිපත්තිය නිසා පක්ෂ 11 ක් ගත් තීන්දුව

ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හා පියංකර ජයරත්න පක්ෂයේ ප්‍රතිපත්ති වලින් කඩා තමන්ට පක්ෂපාත කරගෙන වරදාන දීමනා හා ඇමතිකම් ලබාදුන් බවට ලබාදුන් වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ජනපති සමග අර්බුදය සාකච්ඡා කිරීම අත්හැර දැමීමට ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබේ. එම පක්ෂ නායකයින් එක්වී සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීම…

nandalal
|

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…

buli

අද සිට කෑන්වලට ඉන්ධන නෑ

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම අද (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බවයි කියා සිටියි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට…

uro
| |

වසර 74ක දූෂිත පාලනයේ හොරු එලවන්න – සල්ලි එවන්නම්

රටේ ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා ; වසර 74ක දූෂිත පාලනයට එරෙහිව විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ, ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව…

rap
|

අරගලය හැඩ කළ රැප් ගායකයෙකු දිවි ගමනට සමුදෙයි

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි. ඊට එක්වූ පිරිස් ඊයේ රාත්‍රියේද නිදි වර්ජිතව ගාලු මුවදොර පිටියේ රැදී සිටියා. රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා. මේ, විරෝධතා භූමියේදී ඔහු ගැයූ අවසන් ගීතතයි. මේ අතර දේශපාලන අර්බුදකාරී…

imf
|

IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබේ. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා…

santha
|

ශාන්ත ශ‍්‍රීලනිපයේ පළු ගලවයි

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය. නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්‍රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා…