gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

රියදුරු බලපත්‍රවලට අති විශේෂ ගැසට් නිවේදනයක්

කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත…

sanath-jayasuriya
| |

සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යය පැමිණ ඇත

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘එකම ජනතාවක්’ ලෙස එක්ව යහපත් ජාතියක් වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. සමාජ මාධ්‍යවල හුවමාරු වූ සටහනක ජයසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිය, ආගම, කුලය හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙන ලෙසයි. ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පිතිකරුවා මේ බව ප්‍රකාශ කළේය. මාසය…

social-media

සමාජ මාධ්‍යට පවතින නීති අනුව කටයුතු කිරීමට සූදානම් වෙයි

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.

lawyers
|

මිරිහාන විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥයන් 300කට අධික පිරිසක් එක්වෙයි

ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික නීතීඥයින් 300කට අධික පිරිසක් මිරිහාන පොලිසියට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥවරුන් තම සේවය නොමිලේ ලබා දී ඇති බව වාර්තා වේ.

russiya
|

පළමු වතාවට යුක්‍රේන හමුදාව රුසියාවට ප්‍රහාරයක් එල්ලකරයි

රුසියාවේ බෙල්ගොරෝඩ් නම් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්‍රේන හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ. රුසියානු හමුදාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියාවට ප්‍රහාරයක් එල්ලවූ බවට රුසියානු බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව ලෙස මෙට සැලකෙයි.

bus

පස්වරුවේ සිට බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වෙයි

අද පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඔහු කියා සිටියේ අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10ක පමණ අඩු සංඛ්‍යාවක් බවයි. මේ අතර, රජය පොරෙන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා නොදීමට එරෙහිව…

madyawedin

මිරිහානේදී විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශවලින් පහරදීම්

මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් ගණනාවක් ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලට ලක්ව ඇති අතර ඇතැම් අය අත්අඩංගුවටද පත්විය. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබුණි. අද දෙරණ කොළඹ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රරතිකාර ලබන අතර නිදහස් වීඩියෝ මාධ්‍යවේදී සුමේධ සංජීව පොලිස් අත්අඩංගුවට පත්ව අද අධිකරණයට ඉදිරිපත්…

curfew

ඇඳිරි නීතිය ගැන අලුත්ම තීරණය මෙන්න

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශවලට සහ ගල්කිස්ස සහ කැළණිය පොලිස් බල ප්‍රදේශවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවූ  ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කර තිබෙනවා. විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර…

lockdown
| |

රට වහන්නැයි ඉල්ලීමක්

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදීමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා කීවේය. ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

busstand

බස් නැතිව කාර්යාල සේවකයන් අතරමං වෙයි

බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවීමෙන් කොළඹ නගරයෙන් පිටත්ව යාමට සිටි කාර්යාල සේවකයන් ඊයේ (31) දැඩි අපහසුතාවයකට පත් වූහ. කාර්යාල සේවකයන් මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි මගීන් පැය ගණන් බස් රථ නැවතුම් පොළවල රැඳී සිටිනු දකින්නට හැකි වූ අතර බෙහෙත් ගැනීමට පැමිණි රෝගී ජනතාව ද ඒ අතර සිටිනු දැකගත හැකි විය. දුරගමන් මෙන්ම නගරාන්තර…