contaniar

බහාලුම් ප්‍රවාහන රථ අද(01) සිට ධාවනයෙන් ඉවත්වෙයි

සියලුම බහාලුම් ප්‍රවාහන රථ අද (01) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ ඩීසල් ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවයි. මෙම තත්ත්වය මත රටට දෛනිකව අවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුලු භාණ්ඩ රැසක ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

central-bank
| |

මහ බැංකුවෙන් මූල්‍ය සමාගමක බලපත්‍රයක් වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවයි

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී…

මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි
| |

මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි

මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,…

internet

විදුලිය නැතිව 3G-4G ජාල බිද වැටේ

මෙරට අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන සමාගම් කිහිපයකම 3G-4G සේවාවන් බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි. දීර්ඝ විදුලි කප්පාදුව හා විදුලි ජනන යන්ත‍්‍ර සදහා ඉන්ධන හිගය මත සන්නිවේදන කුළුණු නිසි ලෙස ක‍්‍රියා නොකිරීම මෙම තත්වයට හේතු වී ඇත.

sermila

පොත්ත සුදු ලොක්කී ඉවතට

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය. මෙම ධුරයේ කටයුතු කරන ලද ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒ අනුව ධුරයෙන් ඉවත් වෙයි.

keheliya

මං දැං යන්නෙත් බයෙන්. හෙට වෙන දේ මං දන්නෑ

හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි. රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි. අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.

slparli

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඔවුන් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දීමෙන් ඉවත් වුවද විපක්ෂයට එක් නොවී තවදුරටත් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇතැයි ද වාර්තාවෙයි.

power

අද (31) පැය 13ක් විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ. ඒ අනුව හෙට අලුයම 3 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

parli
|

ඡන්ද දායකයින් කුසගින්න‌ේ සිටිද්දි ජනතා නියෝජතයින්ගේ පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘත වෙයි

මන්ත්‍රීවරුන්ගේ  පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය  විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

roshan

ටොපි චොක්ලට් දීලා ජනතාව රවට්ටන්න බැහැ

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂයේ ඡන්දය සාදන්න අභියෝගත්මක දිස්ත්‍රික්කය භාර ගත්තේ මම. මම එලෙස කටයුතු කලේ මට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන නිසායැයි. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පසුගියදා පොළොන්නරුව, ඇළහැර, මලුවේයාය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි….