uk

අපි යුක්රේනෙම ඉන්නම් ලාංකිකයන් කියයි

යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැදී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාළයක් ලබාදීමට එහි පාළනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Restriction on import
|

මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 367ක් ආනයනය තහනම් – ලැයිස්තුව මෙන්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද කිරි  ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්,…

manthree
|

රස ආහාර නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (09) පෙරවරුවේ ඇති විය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට…

sura

බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු

එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…

anura-kumara
|

“මේ පාලකයෝ අපේ රට හැදුවේ නෑ වැනසුවා”

ලෝකයේ කිසිදු රටකට තවදුරටත් ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බැහැ. එහෙත් ලෝකයේ කිසිදු රටක් ආර්ථිකය අපේ රටේ වගේ විවෘත කරලා නැහැ. වෙන රටවල් ආර්ථිකය විවෘත කළේ තම රටේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයේ පංගුවත් ආරක්ෂා කර ගනිමින්. හැබැයි අපේ පාලකයන් මේ රටේ ආර්ථිකය විවෘත කළේ අපේ නිෂ්පාදන ආයතන විනාශ කරමින්. වෙළෙඳපොළ විවෘත කළා. අපේ රෙදි කම්හල්,…

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
|

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.

oil

තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්

ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී…

රුසියාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා මරුට

රුසියාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා මරුට

යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට යුක්රේන හමුදාව සමත් විය. ඝාතනයට ලක්වූයේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 11,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි.

gossip news today
|

අත්‍යවශ්‍ය ඖෂධ හිගය දරුණු වෙයි

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබේ. ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් දරනු වනු ඇතැයි ද වාර්තා…

ukren

යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක්

යුක්‍රේනය  නිවේදනය කළේ රුසියානු ආක්‍රමනයට එරෙහි සටනේදී යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි. රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා. යුක්‍රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි….