bread

පාන් මිල නැවතත් ඉහළට

පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි. අද  පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පස මිල තීරණය කරන බවද ඔහු කියයි.

oil

ඉන්ධන මිල යළිත් ඉහළට

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා ඇත. ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක් දක්වා දෙවරක් අවප්‍රමාණය වීමෙන් ඉන්ධන ගොඩබෑමේ මිලට සෘජුව බලපා ඇති බවයි. ලෝක වෙළඳපොලේ ද…

Women's safety
|

ආණ්ඩුව ගන්නා තීරණ නිසා කාන්තාවන් අනාරක්ෂිත වෙයි

විදුලිය පිරිමැසීමට වීථී ලාම්පු නිවා දැමීම කාන්තාවන්ගේ ආරක්ෂාව ඇතුළු තවත් සමාජ ගැටලු රැසකට මුල් විය හැකි බව විද්වතුන් රැසක් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කාන්තා හා ළමා අපයෝජන සංඛ්‍යා දත්ත සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත්, වීථී ලාම්පු නිවා දැමීමෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හැරී යන බවත් විද්වතුන් පෙන්වා දෙනවා. දිවා…

supiri

සුපිරි අවන්හල් වලත් කෑම නැති වෙයි

ගෑස් හිඟය හේතුවෙන් මේවන විට කොළඹ හෝටල් හා අවන්හල් වල ආහාර පිසීම විශාල වශයෙන් සීමා කර ඇති අතර ඇතැම් අවන්හල් හා බේකරි ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා ඇත. ගෑස් හිඟය හේතුවෙන් හෝටල් හා අවන්හල් පරිපාලනය විසින් සිය සාමාජිකයන්ට නිවේදනයක් නිකුත්කරමින් දන්වා ඇත.  

money
|

විදෙස් මුදල්වලට දැන් ගෙවන ගණන් මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම්  සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත. *බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා *කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා *ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා *කටාර් රියාල් – රු. 55.30…

ukren

ඉන්දියාව සමග බැරි නිසා මෙරට යුක්රේන කාර්යාලයක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාව තුළ යුක්රේන තානාපති කාර්යාලයක් තාවකාලිකව ස්ථාපිත කිරීමට එකඟතාවට පැමිණ තිබේ. ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා යුකේ‍්‍රන තානාපති කාර්යාලය හරහා මෙරට සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා ගැටලු ප්‍රමුඛ සෙසු ප්‍රශ්න විසඳීම අපහසු කරුණක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

uk

අපි යුක්රේනෙම ඉන්නම් ලාංකිකයන් කියයි

යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැදී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාළයක් ලබාදීමට එහි පාළනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Restriction on import
|

මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 367ක් ආනයනය තහනම් – ලැයිස්තුව මෙන්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද කිරි  ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්,…

manthree
|

රස ආහාර නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (09) පෙරවරුවේ ඇති විය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට…

sura

බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු

එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…