anura-kumara
|

“මේ පාලකයෝ අපේ රට හැදුවේ නෑ වැනසුවා”

ලෝකයේ කිසිදු රටකට තවදුරටත් ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බැහැ. එහෙත් ලෝකයේ කිසිදු රටක් ආර්ථිකය අපේ රටේ වගේ විවෘත කරලා නැහැ. වෙන රටවල් ආර්ථිකය විවෘත කළේ තම රටේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයේ පංගුවත් ආරක්ෂා කර ගනිමින්. හැබැයි අපේ පාලකයන් මේ රටේ ආර්ථිකය විවෘත කළේ අපේ නිෂ්පාදන ආයතන විනාශ කරමින්. වෙළෙඳපොළ විවෘත කළා. අපේ රෙදි කම්හල්,…

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
|

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.

oil

තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්

ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී…

රුසියාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා මරුට

රුසියාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා මරුට

යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට යුක්රේන හමුදාව සමත් විය. ඝාතනයට ලක්වූයේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 11,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි.

gossip news today
|

අත්‍යවශ්‍ය ඖෂධ හිගය දරුණු වෙයි

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබේ. ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් දරනු වනු ඇතැයි ද වාර්තා…

ukren

යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක්

යුක්‍රේනය  නිවේදනය කළේ රුසියානු ආක්‍රමනයට එරෙහි සටනේදී යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි. රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා. යුක්‍රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි….

econ
| |

ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?

ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක්…

ඩීසල් පෝළිම දිගු වෙයි
|

ඩීසල් පෝළිම දිගු වෙයි

තම රථ වාහනවලට ඩීසල් ලබා ගැනිම සදහා 07වන දිනද හැටන් නගරයේ රථ වාහන පෝළිමේ නවතා ඇති අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ ඩීසල් ලබා ගැනිම සදහා තමන් දිගු කාලයක් මෙසේ පෝළිම්වල රැදි සිටින බවත්ය. ඉන්දන හල්වලින් බුලිවලට ඩිසල් ලබා ගන්නා සමහර පිරිස් එසේ ලබා ගන්නා ඩිසල් අධික මිල…

sudu-ira

පාරේ සුදු ඉරි අදින්න මිල වැඩිම ටෙන්ඩරයකට අනුමැතිය

ප්‍රධාන පෙලේ මාර්ගයක සුදු ඉරි ඇඳීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පින්තාරු කිරීමට ඉදිරිපත් වූ ටෙන්ඩරය නොසලකා හැර අඩියක් රුපියල් තිස් දෙකකට පින්තාරු කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. අඩියක් රුපියල් තිස් දෙක ගණනේ පින්තාරු දීමට භාරගත් ආයතනය නැවතත් අඩිය රුපියල් අට බැගින් පින්තාරු කිරීම සඳහා උප කොන්ත‍්‍රාත් කරුවකුට භාරදී ඇති බව ද…

dolor

ඩොලරය රුපියල් 230ක් වෙයි

විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසීය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.