corona-sinopharm

වයස 30 වැඩි පුද්ගලයන්ට යුද හමුදාපතිගෙන් නිවේදනයක්

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම  කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි

curfew

ඇඳිරි නීතිය දිඟු කිරීමේ තීරණය හෙට

පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අනුව 30 වැනිදායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව සිකුරාදා දිනයේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වීමෙන් අනතුරුව තීරණය…

badweather

ප්‍රදේශ රැසකට අද තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වයඹ පළාතේත් විටින් විට වැසි ඇතිවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්…

awasara

අවසර දෙනවාද

වසර ගණනාවක් තිස්සේ කොවිඩ් 19 රෝගයෙන් පීඩා විදින රෝගීන්ට ප්‍රතිකාර ලබාදි මුළු රටම මසක් තුළ සුවපත් කළ හැකි බව කියමින් පාරම්පරික වෛද්‍ය නිහාල් සිසිර කුමාර මහතා අවසර දෙනවාද යනුවෙන් පවසමින් ඊයේ (25දා) උදෑසන උතුරු මැද පළාත් සභා වටරවුම ඉදිරිපිටටවී මාධ්‍ය මගින් බලධාරින් දැනුම්වත් කළේය. අනුරාධපුර අභය පෙදෙස මහ නගර සභා නිවාස සංකීර්ණයේ පදිංචි දේශිය වෛද්‍ය…

corona

පොලොන්නරුවේ ආසාධිතයින් ඉහළට

ලක්ෂ පහකට ආසන්න පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ජන ගහනයෙන් සියයට 7ක් පමණ ඉතාම කුඩා ප්‍රතිශතයකට පමණක් කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් මේ වන විට ආසාධිතයින් විශාල වශයෙන් හමු වීමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විටත් කොරෝනා මර්…

deathboy

කොන්ක්‍රිට් කණුවක් පාසල් සිසුවෙකුට මරු ගෙනදෙයි

බුලත්සිහල , ඈගල්ඔය ප්‍රදේශයේ නිවසක ඉදිරිපස “ වැරණ්ඩාව“ ඉදිකිරිම සදහා සිටුවා තිබු කොන්ක්‍රිට් කණුවක් ගැලවි වැටි එයට යටවු දස හැවිරිදි පාසල් සිසුවෙකු පසු ගියදා එම ස්ථානයේදිම මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ ඉලනුම ලබමින් සිටි බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලිමානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක බාල දරුවා වු හෙට්ටිආරච්චිගේ කවිදු දිල්හාර ( 10) මෙසේ…

sugar

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සීනි ඇතුළත් ගෝනි 200 ක් මෙලෙස සොයා ගෙන ඇත.බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත. එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබියදී මෙම වැටලීම සිදුකර තිබුණි. කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එම…

mangala

මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරයි

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත. සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම ‍අරගලයන් දියත්…

money
|

මේ වෙලාවේ කැපකිරිම් නොකරන කෝටීපතින්

ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය  මේ  අවස්ථාවෙ තමන්ගෙ වැටුප  කොවිඩ් නිසා  අසරණවු  මහජනතාව වෙනුවෙන්  ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි  බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය. “දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන්…

SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට
|

SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට

ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි REDS කණ්ඩායමට පන්දුවාර 19යි…