ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි REDS කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 159ක් පමණි.

Similar Posts