arest
|

පුද පුජා කර නිධන් හෑරිමට ගොස් වැඩ වරදී

නිධානයක් ගැනීමට අගලවත්ත , දාපිළිගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගල්තලාවක ඊයේ (28 ) රාත්‍රි  පුද පුජා කරමින් කැණිම් කරමින්  සිටි පුද්ගලයින්  ත‍ිදෙනෙකු නිධන් හෑරිමට යොදාගත්  උපකරණද සමග  අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කියයි. පුද්ගලයින් පිරිසක් රහසිගතව රාත්‍රි කාලයේ නිධානයක් ගැනිමට සුදානම් වන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත. අගලවත්ත, දාපිළිගොඩ පදිංචි 70 හැවිරිදි…

corona-sinopharm

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් මෙරටට

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ලබන සතියේ දී මෙරටට රැගෙන එන බව චීන තනාපති කාර්යාලය පවසයි. තනාපති කාර්යාලය සඳහන් කළේ, එම එන්නත් මෙරටින් ඇනවුම් කරන ලද ඒවා බවයි. පෙරේදා දිනයේ ද එන්නත් මිලියන 2.7 ක් මෙරටට රැගෙන විත් තිබේ.

corona

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ දිනයේ අලුතින් ආසාදිතයින් 1,380ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන තුන්ලක්ෂ එක්දහස් දෙසිය හැත්තෑ දෙකක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 1,499 කි.

astrazeneca vaccine side effects, astrazeneca vaccine efficacy, astrazeneca vaccine canada, astrazeneca vaccine news, astrazeneca vaccine usa, astrazeneca vaccine update

ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් සෙනසුරාදා මෙරටට

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

slin-win
|

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවිය. ඒ කඩුලු 4කිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස්කළේය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 133 පන්දු ඕවර 19.4දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.

mahajana-sawkkya

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්

රඹෑව කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට බරපතල පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් හත්දෙනෙකු සමග ත්‍රීරෝද රථයක් යතුරු පැදි දෙකක්  අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. රඹෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක රෝහිත රත්නායක මහතා මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේදි  පහරකෑමට ලක්වි ඇත. පෙරේදා (26දා) අළුයම එක වනවිට පහරදීමට සම්බන්ධවු සියළුම සැකකරුවන්…

corona

කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි

කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය…

ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි

ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත. කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව…

mihnthalawa
| |

සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ

ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ…

muka-pilika
|

මුඛ පිළිකා වැඩි වෙයි!

ලෝකයේ දෙවන තැනට මුඛ පිළිකා වාර්තා වන්නේ ශ්‍රි ලංකාවෙන් බව ජාතික පිළිකා මර්දන ඒ්කකය පවසයි. වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන අතර ඉන් 2700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්ය. දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ 2-3 ක් පමණ සිදු වන බවද එම ඒ්කකය පවසයි. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ (…