ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇත. 2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ…

බුල්බුල් චණ්ඩ වෙයි

බුල්බුල් චණ්ඩ වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කර බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික…

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී
|

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී

මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්,  ඒ අනුව මෙවර මැතිවරණය සදහා රුපියල් මිලියන 5500ක් ඇස්තමේන්තු කර ඇති බවත්, එය 2015 මැතිවරණයට සාපේක්ෂව දෙගුණයටක වැඩි මුදලක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්, 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල්…

මේ ආණ්ඩුව යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කළා – ජනපති කියයි.

මේ ආණ්ඩුව යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කළා – ජනපති කියයි.

මේ ආණ්ඩුව යටතේ අතිවිශාල සංවර්ධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ප්‍රකාශ කරන ලදී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද – කළු ගග ජලාශ ව්‍යාපෘතියේ කළු ගග ජකාශයේ මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට අද දින සහභාගී වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලේ ලබා…

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් වාහනය අවහිර කළ බව පවසා නිරායුධ පුද්ගලයන්ට වෙඩි තැබීමට චෝදනා ලැබ සිටින මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් වී ඇති ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන බව පොලීසිය කියයි. ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා…

“ඕක තමා සුවසැරිය”

“ඕක තමා සුවසැරිය”

මීට ටික කලකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්දියාවෙන් මෙරටට දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට පහර දුන්නේය. ඇමරිකන් හා ඉන්දියන්  අධිරාජ්‍ය විරෝධය නැතිව නින්ද නොයන පචවංශලාද හෙදියන්ගේ කරපිටින් ගොස් සෞඛ්‍ය සේවය සමතලා කරන භික්ෂූ පාර්ශ්වය ඇතුළු පිරිසක් ද සුවසැරියට පහර දුන්හ. අන්තිමේදී සුවසැරිය ගිලන්රථ ආරක්ෂාව සඳහා පොලිස්  ස්ථාවල රඳවා තැබීමට සිදුවිය. පසුගිය දිනෙක සුවසැරියට බැට…

ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාට දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ඔහු මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද (07) ජනතා අයිතියට පැවරීමට නියමිතව තිබේ.‍ හෙට (08) මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට රථවාහන ධාවනය සඳහා විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 01…

ගිනිගත්හේන වෙඩි තැබීම : එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 2ක් අත්අඩංගුවට!

ගිනිගත්හේන වෙඩි තැබීම : එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 2ක් අත්අඩංගුවට!

ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ(06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුටව ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ගිනිගත්හේන පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ඊයේ පස්වරු 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේ දීය. එස්.බී.දිසානායක මහතා…

ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අවභාවිතාව ගැන සිවිල් සංවිධාන පැමිණිලි කරයි.

ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අවභාවිතාව ගැන සිවිල් සංවිධාන පැමිණිලි කරයි.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින ජනාධිපතිවරණයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව  පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදී. මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හා ඇතැම් අපේක්ෂකයන් අගතියට පත් වන ආකාරයට සිය විකාශන කටයුතු සිදු කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට දරුණු ලෙස බාධා එල්ල වන බවයි. මේ සඳහා සමන්…