අයි පෑඩ් වලට වඳ වෙනවානම්, මුලින්ම ගම්මන්පිලව පරීක්ෂාකර බැලිය යුතුයි! – පුජ්‍ය දඹර අමිල හිමි
|

අයි පෑඩ් වලට වඳ වෙනවානම්, මුලින්ම ගම්මන්පිලව පරීක්ෂාකර බැලිය යුතුයි! – පුජ්‍ය දඹර අමිල හිමි

“යහපාලනය කරන හැම දෙයකටම විරුද්ධ වෙන ගම්මන්පිල අයි පෑඩ් එක ඔඩොක්කුවේ තියාගෙන කියනවා ළමයින්ට අයි පෑඩ් දුන්නාම වඳ වෙනවාය කියලා. හැබැයි ගම්මන්පිලටත් ළමයි ඉන්නවා, ඔහු කසාද බඳින්න කලිනුත් අයි පෑඩ් පාවිච්චි කරන්න ඇති. ඒ නිසා ගම්මන්පිලගේ ළමයින්ගේ උප්පැන්නයට අදාළව ඔහුගේ නම වැටුනේ කෙසේදැයි සොයා බැලිය යුතුයි!” යැයි පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. ඒ ඊයේ (05)…

හේමසිරි සහ පූජිත් යලි රිමාන්ඩ්

හේමසිරි සහ පූජිත් යලි රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (06) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

ලාෆ් ගෑස් සමාගමට නඩු!
|

ලාෆ් ගෑස් සමාගමට නඩු!

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි.‍ කෘතිම ලෙස වෙළෙඳපොළ…

රාජපක්ෂලාගේ සැබෑ දේශපාලනය සජින් වාස්ගෙන් එලියට!
|

රාජපක්ෂලාගේ සැබෑ දේශපාලනය සජින් වාස්ගෙන් එලියට!

තමාගේම මිතුරකු වන ලොහාන් රත්වත්ත දුරකථනයෙන් සිය බිරිඳ අමතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තර්ජනය කල බවත්, සිය දරුවන් දෙදෙනාටද තර්ජනය එල්ල කල බවත්, සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (05) දින ප්‍රකාශ කළේය. මෙහිදී සජින් වාස් මහතා ප්‍රකාශ කලේ තමන් රාජපක්ෂලාට බය නැති බවත්, වසර 17ක් තිස්සේ ඔවුන් දන්නා තමන් ඔවුන්ගේ සියලු දේ…

චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්

චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (5) රැස් වූ අතර මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස් කළේ එදිනම පැවැත්වූ අපි ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වූවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් එකී සමුළුවේ මූලිකත්වය ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හෝ එහි…

අගමැතිගේ ලිපිය පිළිගෙන උපවාසය අතහරී

අගමැතිගේ ලිපිය පිළිගෙන උපවාසය අතහරී

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට ඒරෙහිව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් ආරම්භ කළ උපවාසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිපියක් මත අතරමග නවතා දමා තිබේ. මෙම උපවාසය නවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා අත ලිපියක් ඒවමින් ඊයේ (05) රාත්‍රියේ ඉල්ලීම් කර තිබිණි. මේ…

MCC අපට අවාසි බව ඔප්පුකලොත් දේශපාලණයෙන් සමුගන්නවා – මංගල 

MCC අපට අවාසි බව ඔප්පුකලොත් දේශපාලණයෙන් සමුගන්නවා – මංගල 

පසුගිය දා පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, “මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම රටට අහිතකර බව ඔප්පු කළොත්, ලංකාවේ එක බිම් අගලක් අහිමි වෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වනවා,” යනුවෙනි. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු මර උගුලකට හසු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන…

ගෝඨා ආවොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන්නේ නෑ  – කුමාර  වෙල්ගම
|

ගෝඨා ආවොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන්නේ නෑ  – කුමාර  වෙල්ගම

රාජපක්ෂ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකය නියැලී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවත් ඔහු පැවසීය. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව…

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…