2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
|

2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

ආදරණීය ඩේලි රිපෝටර් පාඨක සැමටත් සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් ලැබුවාවූ නව අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්‍ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි  ප්‍රාර්ථනා කරමු. ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි  කර නව වසරක උදාව සිදු වූ මේ මොහොත ඔබ සැමට සර්ව සුබ සළකුණු ගෙන එන…

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ඉන්දියාවේ බුබුනේෂ්වර්හි පිහිටි නන්දකන්නන් සත්ව උද්‍යානය සඳහා ශ්‍රී ලංකාවෙන් සිංහයින් සිව්දෙනෙක් ලබා ගැනීමට අවසර හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. “මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් දින 15 කට පෙර ප්‍රාන්ත රජය විසින් අනුමත කර තිබෙනවා.මේ පිලිබද අපි දැනටමත් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. සත්ව හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස සිංහයන් ගෙන එනු ලබන අතර…

විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි
|

විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන්…

දෙහිවලට සතුන් සඳහාම සියලු පහසුකම්වලින් සමන්විත විශේෂිත රෝහලක්

දෙහිවලට සතුන් සඳහාම සියලු පහසුකම්වලින් සමන්විත විශේෂිත රෝහලක්

සත්ත්ව උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත මහල් 2කින් යුත් රෝහලක් දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ දිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ පවසයි. දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා ”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර ඇති බව සදහන්.

මෙරට නිපද වූ මෝටර් රථය ලියාපදිංචි කරන්න දෙන්නෙ නෑ

මෙරට නිපද වූ මෝටර් රථය ලියාපදිංචි කරන්න දෙන්නෙ නෑ

නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම සඳහා නව ප‍්‍රතිපත්තියක සිට රජය කටයුතු කළ යුතු බව නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා. අඩු වියදම් මෝටර් රථයක් නිපදවූ ශානක දසනායක ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ “අපිට හැකියාවක් ලැබිලා තියෙනවා ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන අඩු වියදම් මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. මට තියෙන ගැටලුව තමයි මේ…

ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු. – නීතිඥ දුලාන් දසනායක
|

ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු. – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ හා තවත් අය නඩුව ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂතම නඩු තීන්දුවක් ලබා දුන් මූලික අයිතිවාසිකම් නඩුවකි. එය මගින් එකී නඩුවේ මූලික අයිතිවාසිකම් කඩ වූ වින්දිතයාට පමණක් නොව ඉදිරියට ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් කඩ වීමෙන් පීඩාවට පත්වන සියලුම තැනැත්තන්ට මෙන්ම පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමක් සිදු විය. මෙම නඩුව නීති…

දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම ජනවාරි  01

දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම ජනවාරි 01

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායකවරයෙකු, පක්‍ෂයේ මහ ලේකම්වරයෙකු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම 2020 ජනවාරි මස 01ට යෙදී තිබේ. එතුමාට පිං අනුමෝදන් කිරීම සදහා පවත්වනු ලබන විශේෂ ධර්මානුශාසනාව කහවත්ත පනාවැන්න එතුමාගේ නිවසේදී කෝට්ටේ පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක අමුතාගොඩ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පසු දින…

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය  අපේක්‍ෂා කරයි. මෙය ශී‍්‍ර ලංකා ටුවින්ස්  (Sri Lanka Twins)  ලෙස නම් කර ඇත. සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය. ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන…

නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 36 දෙනෙකු අද (2019 දෙසැම්බර් 21) අධිකාරියට පත් කරන ලදී. ඒ අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 60 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා…

දකුණු ආසියාවේ අහස සිඹින ගුවන් පාලම
|

දකුණු ආසියාවේ අහස සිඹින ගුවන් පාලම

සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ‘AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය. එහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට කරුණු පැහැදිලි කිරීම ඊයේ (19) දින නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය. මෙම අවස්ථාවට…