රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ඉන්නෙ අරගල-පෙරටුගාමී-ජාජබ ලයින් එකේ. යූඑන්නෙක, අයියෙන්ජීඕ, එන්ජීඕ නිසා තමයි අපිත් ඔය හෝටල්වලින් කෑවෙ. ලංකාවෙ දරිද්‍රතාවයට, කාන්තා හිංසනයට, ජනවාර්ගික ප්‍රශ්නයට පිංසිද්දවෙන්න වැඩමුළු, සම්මන්ත්‍රණ අරවා මේවා නිසා මේ මාත් ඔය හැම ජාතියකම තරු…
Read MoreCategory: පැරාගේ සිතුවිලි
දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා
මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි කරන්නට ඕනැය කියලා. ඔවුන් හිතනවා ඒක ආචාරධාර්මිකයි කියලාත්. උදාහරණයක් විදියට මහින්ද හොරා කියන දේශපාලනික ප්‍රචාරණය ගන්න. මහින්ද හොරකම් කරන්න ඇති. ඒ වගේම, ඒ සම්බන්ධ විශාල ප්‍රචාරණයකුත් තියෙනවා. ඒ සියල්ල ඇත්ත නෙමෙයි. ඒ වගේම හොරකම නිර්මාණය…
Read Moreදහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය. නාගෙන හවස ගෙදර එන ගමරාළ “ඔන්න ඔය තෙල් ඩිංගක් දියන් ඔලුවෙ ගාගන්න” කිව්වාම ගම මහගේ කියන්නේ “ඕක දැන් ගෑවොත් වෙන්නෙ පැදුරෙ ගෑවෙන එක විතරයි, දැන් එපා,” යි කියාය. මෙසේ බොහෝ කලක් ගෙවිණි. ගමරාළගේ තට්ටය පෑදුණු…
Read Moreප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ
මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුග්ධ ක්‍රියාවකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇත. ජනතාවගේ දුප්පත්කම දුරලීම හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා තිබෙන අරමුදල් හා සම්පත් පෝස්ටර් ගැසීම වැනි වැඩකට නැති වැඩවලට වියදම් වනු ඇත. වැඩකිරීමට තිබෙන මහජන කාලය නාස්ති වනු ඇත. මෙම මැතිවරණයෙන් පසු විවිධ පාර්ශ්වවලට තව තවත් මැතිවරණ අවශ්‍ය වනු ඇත. රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වන අතර එය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ ක්‍රියාවලියට සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට දැඩිව බලපානු ඇත. පළාත් පාලන…
Read Moreඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු
මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ. හැබැයි, තිබුණු ජීවිතේ ආපහු ලබාගන්න ක්‍රමයක් නැහැ. වාමාංශිකයන් බලය ගත්තත් ඒක එහෙමම තමයි. ඒකට හේතුව තමයි ඒ ජීවිතයට පදනම් වුණ තත්වය වෙනස් වෙලා. පදනම වෙනස් වුණාම පැරණි තත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. අලුත් වෙන්නම වෙනවා. මුලින් බැහැ කියලා අඬාවැටුණට…
Read Moreපළාත් පාලනයට නැවතත් තරුණ නියෝජනය
පළාත් පාලනයේ තරුණ නියෝජනය 25%ක් වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමති ශාන්ත බණ්ඩාර කියනවා. පළාත් පාලනයේ තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලක්ෂ 50කට ආසන්න වන වයස අවරුදු 15-29 අතර ලාංකික තරුණ ජනගහනය රටේ ජනගහනයෙන් 25%ක්. ඔවුන් වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවල 40%ක ඉඩ වෙන්කිරීම 1990 සිට 2012 දක්වා කාලයේදී අනිවාර්ය වුණා. 2012 අංක 22…
Read Moreනොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා
ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී නිල නිවස ආක්‍රමණය කර පස්සා දොරෙන් ඔහු පළවාහැරීම දක්වා ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග ඔස්සේ. මතක තියාගන්න, ආයුධ තිබුණෙ නැහැ. ඒ වුණාට මේවා ප්‍රචණ්ඩ, නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහු කළ වැරදි, ඒවා…
Read Moreමං දැන් පොහොට්ටුවෙද?
පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු! රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි නැතුව රාජපක්ෂලාගේ හොරකම් සම්බන්ධයෙන් කියන ගණන් හිලව් ප්‍රබන්ධ මං විශ්වාස කරන්නෙ නැහැ. රාජපක්ෂලා වගේම එක්සත් ජාතික පක්ෂය/ සමගි ජන බලවේගයත් හොරකම් කළා. මහබැංකු වංචාව ඔප්පු කරන්නට බැරිවුණත්, ඒක සිදුවුණා. හොරුන් නොමැති සබන් වගේ පිරිසිදු පක්ෂ…
Read Moreළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?
ළමයින්ට සාමකාමී උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්. එතනදී ළමයාගේ දැනුවත් කැමැත්ත ගැනත් සැලකිලිමත් විය යුතුයි. එය තරමක් සියුම් කාරණයක්. එතනදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2022 අප්‍රේල් 8දා ලංකාවේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පහත සඳහන් කරුණු ගැන සියලු පාර්ශ්ව අවධානය යොමුකළ යුතුයි. “සාමකාමී විරෝධතා ඇතුළුව සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති ළමා අයිතිවාසිකම්, ශ්‍රී ලංකාව අත්සන් කර අනුමත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ඇතුළත් කර ඇත. මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී දරුවන් පාවිච්චි කිරීම (manipulate) නොකළ යුතුය. ඔවුන්ගේම ගැටලු අර්ථවත් ලෙස ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ අනාගතයට බලපාන කාරණාවලට…
Read Moreගෑස්වලින් කොමිස් ගැහුවද?
චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා. මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි. එහෙම නොකර කෙළින්ම නිගමනවලට එන එක ප්‍රොෆෙෂනල් නැහැ.මේ ලිපිය කියවන්න. ඒකෙ විස්තරය තියෙනවා. https://www.silumina.lk/…/%E0%B7%80%E0%B7%90%E0%B6%A9… කොමිස් කියන්නෙ බිස්නස්වල සාමාන්‍ය දෙයක්. මාකටිංවලදි තමන්ට බිස්නස් ගේන එකාට සලකන එක සාමාන්‍ය තත්වයක්. ධනේශ්වර නිෂ්පාදනයෙදි හා සේවාවන්වලදි මේක ඉතා සාමාන්‍යයි. නිෂ්පාදනයට වඩා…
Read More