මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය චමින්ද පී කල්පගේ පැවසුවේ. මේ අතර වර්තමානයේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත් දින කිහිපයක් පැවතුනොත් එය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උදව් නොවන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවා. මෙම තත්ත්වය තවත්…
Read MoreCategory: business news sri lanka
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාවට සබන් අත්‍යවශය ද්‍රව්‍යයක් වෙයි
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට ජනතාව සබන් වර්ග වැඩි පුර ලබා ගැනිමට පියවර ගැනිමත් සමග සබන් සදහා දැඩි ඉල්ලුමක් පවතින බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreසිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය නොකර අතහැරලා තියෙන්නේ. මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන ගිහින් මොකක්ද අවසානේ මේ කරන්න හදන්නේ. මාසෙකට මෙට්‍රික් ටොන් හයලක්ෂයක් වෙළඳපොළට නිකුත් වෙන්න ඕනේ, රටේ වෙළෙඳපොළ මධ්‍යස්ථාන අටදහසක් තියනවා නමුත් අටදහසේම බහුතරයකම සිමෙන්ති නැහැ. මෙතන මාෆියාවක් වෙන්නේ.…
Read Moreව්‍යාපාර යළි නඟාසිටුවන්න ලංකා බැංකුවෙන් රට පුරා වැඩසටහන්
වර්තමානය වන විට මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් ලංකා බැංකුවේ ‘ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන අංශයේ (BRR)‘ මෙහෙයුම් කටයුතු කලාපීය වශයෙන් රටම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. මේ වෙනුවෙන් කලාපීය වශයෙන් ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක විවෘත කිරීම සඳහා ලංකා බැංකුව කටයුතු කරමින් සිටී. ඊට සමගාමීව නුගේගොඩ, අනුරාධපුර, මහනුවර, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදාළ කලාප කාර්යාල විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සව ලංකා බැංකුවේ අතිරේක මහා කළමානාකරු රසල් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, එම උත්සව සඳහා නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන…
Read Moreවිදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (12) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය. පවතින තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇති බවත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අවස්ථාවක් ඇති කරගත යුතු බවත් පැවසූ…
Read MoreIMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබේ. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ පැවති මෙම සාකච්ඡාව සාර්ථක වී ඇති බවටද වැඩිදුරටත් වාර්තා වෙයි.
Read Moreමුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට
මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ (08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
Read Moreශ්‍රී ලංකා රුපියලට සිදුවු දේ
ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.
Read Moreමහ බැංකුවෙන් මූල්‍ය සමාගමක බලපත්‍රයක් වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවයි
ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිල දී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය වී ඇති බව යි වාර්තා වන්නේ. ඒ…
Read Moreමෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි
මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා, “මේ වනවිට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන බිමටම වැටී තිබෙනවා. අද වනවිට කියන්න කනගාටුයි මේ රටේ ඛනිජ තෙල් සම්පත, ඉන්දියානු තෙල් සමාගම විසින් ගිලගනිමින් තිබෙනවා. මොකද අපිට ඩොලර් නැහැ. නැව් එළියේ නවතාගෙන තිබෙනවා.…
Read More