අලූත් ආයෝජන පනතක් එයි
|

අලූත් ආයෝජන පනතක් එයි

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023.1.16 දින පැවති අමාත්‍ය මණ්ඩල…

වැට් බද්ද 18%ක් දක්වා ඉහළට
|

වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට අමතරව මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

බදු හොරු අල්ලන්න ගැජට් එකක්
|

බදු හොරු අල්ලන්න ගැජට් එකක්

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම තොරතුරු පද්ධතිය රැම්ස් ( random access management…

කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක්
|

කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. මෙම Lanka IOC ඉන්ධන පිරවුම්හල නවතම තාක්ෂණික අංග රැසකින් සමන්විත ය. විශේෂයෙන්ම…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය…

‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි
|

‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි

රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරිදීම, උපදේශන සේවා සැපයීම සහ සහයෝගය ලබා දීම අරමුණු කර ගත් Trust Sri Lanka සංවිධානයේ තවත් එක් සුවිශේෂී පියවරක් පසුගිය දා දියත් කෙරිණ. ඒ අනුව, Trust Sri Lanka විසින් සංවිධානය කෙරුණු ‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ ස්වයං රැකියා සහ ව්‍යාපාර පුහුණු දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන…

සමෘද්ධි ආධාර දිගටම ලැබුවත් ලක්ෂ 3ක් තවමත් එතනමයි
| |

සමෘද්ධි ආධාර දිගටම ලැබුවත් ලක්ෂ 3ක් තවමත් එතනමයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ…

X-Press Pearl නෞකා හානියට ඩොලර් 878,650ක් මෙරටට
|

X-Press Pearl නෞකා හානියට ඩොලර් 878,650ක් මෙරටට

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය…

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
|

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී  (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…

කුඩා ප්‍රමාණයේ දෙහි ක්‍රිලෝවක් රුපියල් 1600යි
|

කුඩා ප්‍රමාණයේ දෙහි ක්‍රිලෝවක් රුපියල් 1600යි

මේ වන විට දෙහි මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිළිබදව අදහස් දක්වන  පිරිසක් පවසනුයේ මේ විට  දෙහි ක්‍රිලෝවක් රුපියල් 1400ත් 1600ත් අතර මිලකට අලෙවි වන බවත්ය. එවන් මිලකට අලෙවි වන දෙහිද ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම…