air

රාජපක්ෂ ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි . මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බව සදහන්. ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බවද එම වාර්තාවේ දැක්වෙයි….

strick
|

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත….

dalus

මාධ්‍යවේදීන්ට පහරදීම ජනමාධ්‍ය ඇමති තරයේ හෙළා දකියි

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති ගැටුම්කාරී තත්වය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදීම තරයේ හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටියි. “මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර…

social-media

සමාජ ජාලා අවහිර වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි. යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අවහිර වී…

curfew

අද පස්වරු 6.00 සිට රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය

රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

gazet

මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. එය ඊයේ(01) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

රියදුරු බලපත්‍රවලට අති විශේෂ ගැසට් නිවේදනයක්

කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත…

sanath-jayasuriya
| |

සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යය පැමිණ ඇත

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘එකම ජනතාවක්’ ලෙස එක්ව යහපත් ජාතියක් වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. සමාජ මාධ්‍යවල හුවමාරු වූ සටහනක ජයසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිය, ආගම, කුලය හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙන ලෙසයි. ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පිතිකරුවා මේ බව ප්‍රකාශ කළේය. මාසය…

social-media

සමාජ මාධ්‍යට පවතින නීති අනුව කටයුතු කිරීමට සූදානම් වෙයි

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.

lawyers
|

මිරිහාන විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥයන් 300කට අධික පිරිසක් එක්වෙයි

ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික නීතීඥයින් 300කට අධික පිරිසක් මිරිහාන පොලිසියට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥවරුන් තම සේවය නොමිලේ ලබා දී ඇති බව වාර්තා වේ.