රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න

රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න

මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන් පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය. දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන…

ukr

යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන් පසුබසියි

රුසියානු – යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේය. යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. මෙම සුභ ලකුණ රුසියා-යුක්රේන ගැටළුව රාජ තාන්ත‍්‍රික…

කාසල්රි හා මාඋස්සාකැලේ  ජල මට්ටම්  සිග්‍රයෙන් පහළට

කාසල්රි හා මාඋස්සාකැලේ ජල මට්ටම් සිග්‍රයෙන් පහළට

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍ර ලෙස පහළ බැස ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පහල බැස ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්වෙයි

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්වෙයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් 14වන දිනද දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ප්‍රථිකාර ලබා ගැනිමට පැමිනි රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත. ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අටවන දිනටත් 14වන දින පැවැත්වෙනඅතර මෙම වර්ජනය හේතුවෙන් මෙම ප්‍රදේශයේ රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම…

strick

සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් ගර්භණී මාතාවන් සහ ළමයින් අපහසුතාවයට

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි. රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.  

ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16 වන දින සිට

ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16 වන දින සිට

බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය මේ මස 16වන දින සිට 18වන දින දක්වා පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක විමලදාසන් බාලකුමාර් සර්මා පුජක තුමන් පවසන ලද්දේ හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික උත්සවය සෞඛ්‍ය උපදෙස් මත මෙවර පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය. ඒ අනුව මේ…

රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කරයි
|

රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කරයි

රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්‍රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ. ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. රුසියාව විසින් යුක්‍රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා ඇත.

siril

සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියි

සිවිල් ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(14) අත්අඩංගුවට ගන්නාලදි. සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ. කොළඹ අගරදගුරු නිවසේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමෝ…

dailyreporter
|

ආරක්ෂාවට තර්ජනයක් වන යෙදවුම් තහනම් වෙයි

ජංගම දුරකථන සදහා භාවිත කෙරෙන තවත් චීන අන්තර්ජාල යෙදවුම් 54ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ. ආරක්ෂාවට තර්ජනයක් වන බවට සැක කෙරෙන යෙදවුම් සදහා මෙම තහනම සිදුකර ඇති බවයි ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි. මේ දක්වා අන්තර්ජාල යෙදවුම් 321 ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ.

power-cut

පැයක විදුලි කප්පාදුව ගැන තීරණය අද

බදාදා (හෙට) සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14 ) සවස දැනුම් දී ඇත. මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ඩී.සී. ආර්. අබේසේකර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් විය. කෙසේ වෙතත් පවතින විදුලි…