සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි
පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.