අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .
|

අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා  අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ. ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල්…

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද
|

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය. තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිතය. මෙම තරගය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැත්වේ. පෙරේදා පැවැති අයර්ලන්තය සමග තරගය ජයගෙන කල් ඇතිවම පළමු 12 දෙනාගේ…

adahanagara

මැරෙන ඒක ලේසි නැහැ – ආදාහනාගාර ගාස්තුත් 2000කින් ඉහළට

ගෑස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග ආදාහනාගාර ගාස්තුද ඉහළ නැංවීමට ඇතැම් නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් පියවර ගෙන ඇත. මෙතෙක් ආදාහන ගාස්තු ලෙස රුපියල් 8000ක් අය කළ අතර මිල වැඩිවීමත් සමග එය 10000 ක් 11000ක් දක්වා ඉහළ ගොස් ඇත.  

baby
|

ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය දරු උපත අද (21) අලුයම කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේදී සිදු වී තිබේ. පිරිමි දරුවන් 3 ක් හා ගැහැනු දරුවන් 3 ක් ලෙස මෙම උපත සිදුව ඇති අතර අද අලුයම 12.16 – 12.18 අතර කාලය තුළ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරු උපත සිදුවිය. ශ්‍රී ලංකාවේ එකවර දරුවන් 6 ක් මවක විසින් බිහිකරනු ලැබූ…

වප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්
|

වප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්

වප් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු එළැඹි පළමු පෝය දින මෙය වේ. වසංගත තත්ත්වය පහව ගොස් රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත…

palama

මාරගොඩවත්ත පාලම මරු කටක් වෙයි

මාකදුර සිනිපැල්ල හරහා මුලටියන ප්‍රධාන මාර්ගයේ මාරගොඩවත්ත හංදියෙන් දිද්දෙනිපොත දක්වා වැටී ඇති මාර්ගයෙහි ඇති මාරගොඩවත්ත පාලම මරු කටක් වී ඇතැයි ජනතාව පවසති. වසර 40කට වඩා පැරණි මෙම පාලම ත්‍රිරෝද රථයකට පමණක් යා හැකි පටු පාලමක් වුවත් මේ පාලම මතින් අත් ට්‍රැක්ටර් ගමන් කිරීමේ දී ටේලරය ඇඳි සමඟ ගැටීමෙන් මෙහි එක් පසෙක ඇන්දක් කඩා වැටී ඇති…

school

හැටන් පාසල් 74 ක කටයුතු අද යළි අරඹයි.

හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් 74ක් අද ( 21) දින  යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසා දැමුනු පාසල් අතරින් සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද (21)  දින යලි…

srilanka-a
|

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය. මෙවර ලෝක කුසලාන…

poya

පින්බර වප් පොහොය දිනය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (20)යි. අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී…

corona

මංගල කොවිඩ් පොකුරක් මතුවෙයි

කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඉකුත් 18 වෙනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 35 දෙනකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස PCR පරීක්ෂණයට යොමු කර ඇත. මෙම මංගල උත්සවයේදී…