gampaha-corona

කොවිඩ් මරණ 9,000 සීමාව පසුකරයි

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,000 සීමාව අද පසුකරනු ලැබුවා. ඒ ඊයේ දිනයේදී සිදුව ඇති මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ යනු ලැබුවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2,340 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව…

chandima

ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේද?

මේ මොහොතේ දී රජය ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව රජය සංවේදී විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ගම්වල අහිංසක අහිංසක ජනතාව වේල් තුන කන්න ක්‍රමයක් නැතිව නිවසේ සිටියදී ඇවිදින මන්ත්‍රීවරු කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි. බඩගින්නේ සිටින ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේ දැයි ඔහු විමසයි. සිය…

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතිය මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජීත කටයුත්තක්
|

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතිය මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජීත කටයුත්තක්

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කිසියම් පිරිසක් මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජී කටයුත්තක නියැලී සිටින බවත් කුමන ආකාරයකින් හෝ එවැනි භේද බින්නතා ඇති කිරීමට ඉඩ නොතබන බවත් පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඇවිදින මං තීරු ජනාධිපතිවරයා පැමිණ කරන්නට  අවසර ඉල්ලුවත් කිසිම කෙනෙකුට වැවට හෝ වැව් බැම්මට ඒ වෙනුවෙන් අත…

arithaka

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දෙදින තුළ විවෘත වෙයි

මේ අතර දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දෙදින තුළ විවෘතකර කර ඇත. ඒ අනුව තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද අලුයම 04.00 සිට විවෘත කර ඇති බව වාර්තා විය. මැනිං පොදු වෙළෙඳ සංකිර්ණය වෙත තොග වෙළෙඳාම් සඳහා පැමිණිමේ දී කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමයේ…

money

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ. ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.  

nirodayana

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කල රථවාහන 63ක් පොලිස් භාරයට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 625 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. එහිදී රථවාහන 63ක් පොලිස් භාරයට ගෙන ඇත. නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 62,710කි.  

food

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත්කර තිබුණි.

vahana

නගරවල රථ වාහන විශාල වශයෙන්

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය. නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර…

නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් පැවැති තවත් මගුලක්

නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් පැවැති තවත් මගුලක්

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල කුඩාගම හෝටලයක නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිනි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් කුඩාගම හෝටලයක 30වන දින නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් පවත්වන බවට…

අනවසරයෙන් මැණික් ගැරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත් අඩංගුවට

අනවසරයෙන් මැණික් ගැරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත් අඩංගුවට

වස්ගමුව හා ජලගැලුම් නිම්නයේ ඉහළ මහවැලි ගංගාධාර රක්ෂිත ප්‍රදේශයේ කිරි අම්මා ඔයේ අනවසරයෙන් මැණික් ගැරීමේ ජාවාරමක යෙදී සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු බෙහෙත් කොටන තුවක්කු දෙකක් හා මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ රැසක් සමග පෙරේදා (29 ) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව කලාපය භාර…