world health organization latest news
|

කොරෝනා ඉහලට ශ‍්‍රී ලංකාවත් ඒ අතර – WHO

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති…

corona

කොටහළු පොකුරක් – පවුල් 40ක් නිරෝධායනයට

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය ට අයත් පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිහ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය…

vee

පොලොන්නරුවෙන් වී කිලෝ 60,000ක් මිලදී ගනියි

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා 23 ක දී ආරම්භ කර ඇති බවත් මේ වන විට  කිලෝ 60 000ක් පමණ මිලදී ගැනීමට හැකි වූ බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. රජයේ සහතික මිල වන නාඩු වී කිලෝවක් රුපියල් 51 ශත 50 ක් ද සම්බා වී…

manikpokura

මැණික් පොකුරටත් කොවිඩ් පොකුර බලපායි

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා, හොංකොං සහ ඩුබායි වැනි නගරවල ලෝකප්‍රසිද්ධ මැණික් වෙන්දේසි සංවිධානය වුවත් මේවන විට පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එම වෙන්දේසි සහ මැණික් ප්‍රදර්ශන නොපැවැත්වෙන බව ගෙවුඩ පිිළිස්සීමේ විශේෂඥ පුන්සිරි තෙන්නකෝන් මහතා පවසනවා. මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේ ද තෙන්නකෝන් මහතා යි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉහත කී නගරවල…

curfew areas in sri lanka

ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු…

coronadelta

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80%කින් ඉහළට

ලොව කලාප හයෙන්, පහකම පසුගිය සති හතර තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි. මේ අතර ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීම හමුවේ ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නගරය දින තුනකට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේද ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම පියවර ගෙන ඇති…

siduwa
|

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියක්

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියකින් පසු පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය වෙනුවට සභාවේ බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අත්විය. කටුනායක සීදූව නගර සභාවේ සභාපති ධුරයට පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාත, ඒ.ඞී.පී.අයි. ප‍්‍රශන්න මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ චමිත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතාව පත් කළේය. එමෙන්ම එහි උප සභාපතිවරයෙක් තෝරා පත් කිරීම කටුනායක සීදුව නගර…

colombage

ජනතාව තේරුම් නොගන්නා භයානක තත්වය

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50කට අධිකවීම නිසා ඒ වැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි….

yak
|

යක්ෂ දෝෂ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් නවතී

සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්…

michen
|

මිචෙලි බැෂලේ කෝප වෙයි

ඊශ‍්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.