Coronavirus-in-India
|

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් කෝටිය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 10,081,545ක් ලෙස සදහන්. වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 501,298 දක්වා ඉහළ ගොස් ඇත. එසෙම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 ඉක්මවා ඇති අතර එම අගය 5,458,369ක් වෙ.

කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01 වැනිදා විවෘත නොවේ

කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01 වැනිදා විවෘත නොවේ

සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා. ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය පවසයි.    

බූස්ස බන්ධනාගාරයේත් වදහිංසා – නීතිඥ සේනක පෙරේරා කියයි

බූස්ස බන්ධනාගාරයේත් වදහිංසා – නීතිඥ සේනක පෙරේරා කියයි

බූස්ස බන්ධනාගාරයේ මේ වන විට පවතින්නේ ඉතාම අයහපත් තත්ත්වයක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. එහි රැඳවියන්ට සිදු කෙරෙන වදහිංසා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ලැබෙමින් ඇති බවත් එසේ නම් තවදුරටත් සිරකරුවන් මනුෂ්‍යයෝය කියා බන්ධනාගර වල ගසා තැබීමෙන් ඵලක් නොවන බවද හෙතෙම කියා සිටියි. එය යථාර්ථයක් කිරිමට නම් අප ඔවුන්…

යහපාලන රජය සමයේ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

යහපාලන රජය සමයේ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) සිදු කළ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…

watercut

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද(27) ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා. අද (27) රාත‍්‍රී 10 සිට  හෙට (28) පස්වරු 4 දක්වා. කොළඹ 13,14 සහ 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්. කොළඹ 01,11 සහ 12 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමටයි නියමිත.  

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට නීතිමය පියවර

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට නීතිමය පියවර

කොවිඞ් -19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.  

education ministry

ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග දින වහා දෙන්න

අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට කැබිනට් රැස්වීමේ දී උපදෙස් දී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල…

දරුවන්ගේ පැවැත්මට තව මාස 6ක් රු.5000 දෙන්න

දරුවන්ගේ පැවැත්මට තව මාස 6ක් රු.5000 දෙන්න

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ්  සංවිධානය අනාවරණය කරයි. කොවිඩ් වසංගතය අතරතුර බිඳවැටුණු ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ කාලසීමාවේ මස්, මාළු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර පරිභෝජනය අඩු කර ඇත. ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 39%ක් කොවිඩ් වසංගතයට පෙර සිටම…

elec dailyreporter

ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි

කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන්…