දේශපාලන බල පෙරළියක් අත ලගම
|

දේශපාලන බල පෙරළියක් අත ලගම

විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වත්මන් ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි. බොරුවට මෙතෙක් සතුරා බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන සතුරු බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා සමග එක් වීමට බලා සිටින බවද ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක…

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට
|

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ඔම්බුඩ්ස්මන් තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
|

ඔම්බුඩ්ස්මන් තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ. එසේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරිම සඳහා වන අයදුම්පත්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සළකා බලා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව විගණන සේවා කොමිෂන් සභාවේ…

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්
|

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙයි. නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට…

මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න
|

මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ් අනුව  කල් දැමුණ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට සුදුසු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දීමට අද පැවති මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමේදී තීරණය කොට ඇත.

ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?
| |

ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?

මේ වන විට දේශපාලනයට පැමිනෙන බොහෝ පිරිසක් දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැතිවයි දේශපාලනයට එන්නේ එම නිසා ලංකාවේ පිරිසිදු දේශපාලනය කරන පිරිස අඩුවෙලා තියෙනවා වගේම ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ ඊරෝස් සංවිධානයේ නිර්මාතෘ රත්න සභාපති නමින් දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රයක් හැටන් ඩංබාර් පාරේ…

පුංචි ඡන්දය ගැන ඉඟියක්
|

පුංචි ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවනිවේදනය කළේය. පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දාන නොපැවත්වෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණ ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණයට අලුතින් දිනයක් නියම කළ…

කළුකඩ දේශපාලනය
|

කළුකඩ දේශපාලනය

පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත් කල, ලබන මාර්තු මාසයේදී ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබේ. එහෙත්, ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ පැනවීමක්, යථාර්ථයක් වීම හෝ නොවීම තීරණය වන්නේ,…

නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්
|

නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්

මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා…

අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතයක්
|

අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතයක්

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා. එක් එක් පළාත් පාලන ආයතන සඳහා තරඟ කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතය www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පල කර තිබෙනවා. එම QR කේතය පරිලෝකනය හෙවත් ස්කෑන් කිරීමෙන් අදාළ…