පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යවයි
|

පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යවයි

පාර්ලිමේන්තුවේ 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ. රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත්…

පළාත් පාලන ආයතන විසුරුවාලීම ගැන ඉඟියක්
|

පළාත් පාලන ආයතන විසුරුවාලීම ගැන ඉඟියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටින්නේ, ලබන ජනවාරි මස 05ත් 10ත් අතර කාලය තුළ පළාත් පාලන ආයතන විසුරුවා හරිනු ඇති බවයි. නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ලබන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් මහින්දානන්ද අලුත්ගමගේ මහතා .. “අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට ජාත්‍යන්තර…

මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
|

මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ඊයේ (දෙසැ. 21) රාත්‍රි නිකුත් කරනු ලැබ ඇත. ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයන් 5දෙනාට ලබා දී…

පළාත් ඡන්දයට සන්ධාන තුනක්
|

පළාත් ඡන්දයට සන්ධාන තුනක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ,හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක්ව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය…

කථානායකගෙන් විශේෂ නිවේදනයක්
|

කථානායකගෙන් විශේෂ නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත් කිරීම සදහා විශේෂ රැස්වීමක් 2022 දෙසැම්බර් 8 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හි පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පෙරවරුවේ නිවේදනය…

මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි
|

මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි

ආණ්ඩුවට එක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව විසින් අනුමත කර තිබේ. ආණ්ඩුවේ තනතුරු ලබාගත් නිදහස් පක්ෂයේ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය දා තීරණය කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගිය දා රැස්වු අතර එහිදී මධ්‍යම…

උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි
|

උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය  ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.

නව දේශපාලන පක්ෂ 07ක්
|

නව දේශපාලන පක්ෂ 07ක්

නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී…

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්
|

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ…

අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ!
|

අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ!

සිවුරු ඇදගත් බට්ටො යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලාට පෙර දින ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ මහතා කියා සිටියේ අංගුලිමාල සිවුරු දරාගෙන බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බවකි. එමෙන්ම පරාක්‍රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.