මෙවර පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කිපයකට කුකුළා ලාංජනයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් තවත් ආයතන කිපයකට තම අපේක්ෂකයකන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කනපති කනගරාජ් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව, හැටන් දික්ඔය නගර සභාව, තලවාකැලේ ලිදුල නගර සභාව, අඹගමුව, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත, යන ප්‍රාදේශීය සභා සදහා තම අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බවත්ය.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නොර්වුඩ්, මස්කෙළිය, කොටගල, ආගරපතන, නුවරඑළිය යන ප්‍රාදේශීය සභා හා බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පලාත් පාලන ආයතන සදහා කුකුළා ලාංජනයෙන් තරග කරන බවද ඔහු පැවසිය.

මෙයට අමතරව කොළඹ මහ නගර සභාවටද එක්සත් ජාතික පක්ෂය යටතේ තම අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් රත්නපුර, මහනුවර, කැගල්ල යන දිස්ත්‍රික්කවල පලාත් පාලන ආයතන කිපයකටද එක්සත් ජාතික පක්ෂය යටතේ තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරිමටත් එම දිස්ත්‍රික්කවල පලාත් පාලන ආයතන කිපයකට කුකුළා ලාංජනය යටතේද අපේක්ෂයන් ඉදිරිපත් කරන බවද කනපති කනගරාජ් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts