ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති බව චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගත් ඡායාරූප ඔස්සේ තහවුරු වී තිබෙනවා.

පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක් ඇති කිරීමට ඉඩකඩ ඇති බවට පර්යේෂකයින් අනාවැකි පළ කරනවා.

Similar Posts