ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත.

හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

බටහිර මාධ්‍යයන් එක් පාර්ශ්වයක අරමුණු ඉටු කිරීම සඳහා මෙලෙස වාර්තාකරණයේ යෙදෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය ලෙස එවැනි පටු අරමුණු සඳහා වාර්තාකරණයේ යෙදීම සුදුසු නොවන බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Similar Posts