යුක්රේනයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වු එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර එයින් 40දෙනෙක් පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

මිසයිල ප්‍රහාරය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts