අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, කැනඩා, බ‍්‍රසීලය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි‍්‍රතාන්‍යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි.

මේ අතර ලෝකප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඔහු පවසන්නේ යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිමට හැකියාව ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට බවයි.

වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක‍්‍රියාකාරිත්වය අප සියලූ දෙනාට ප‍්‍රබල පාඩමක් යැයි කුමාර් සංගක්කාර ප‍්‍රකාශ කර තිබෙනවා.

Similar Posts