ස්වීඩනයට එරෙහිව රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි තර්ජනයක් බව ස්වීඩන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ.

ස්වීඩනයේ රාජ්‍ය රූපවාහිනි සේවාව ඊයේ (18) ඒ බව අනාවරණය කළේ ස්වීඩන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමිනි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය ද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයඳුම්කළ අතර රටේ ආරක්ෂක හමුදා බලය ඉහළ නැංවීමටද පියවර ගෙන තිබුණි.

රුසියාව විසින් සිය හමුදා බලය යොදාගැනීම සඳහා වූ සීමා කඩඉම තවදුරටත් පහත හෙළා ඇති බවත්, ඉහළ දේශපාලන හා හමුදාමය අවදානමක් දැරීමට රුසියාව සූදානම් බවත්, ස්වීඩන පාර්ලිමේන්තු ආරක්ෂක කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් සිය ගුවන් හමුදාව, නාවික හමුදාව මෙන්ම දිගු දුර මිසයිල හෝ න්‍යෂ්ටික අවි යොදාගනිමින් රුසියාව, ස්වීඩනයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම තවදුරටත් පවතින බ‍ව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මෙම පාර්ලිමේන්තු කමිටු වාර්තාව මගින් ස්වීඩනය සඳහා නව ආරක්ෂක ක්‍රමෝපායක් සකස් කළ යුතු බවට ද නිර්දේශ කර තිබේ.

Similar Posts