රුසියාවට එරෙහිව ආරම්භ කළ ප්‍රතිප්‍රහාරවල පළමු ජයග්‍රහණය අත්පත් කර ගත් බව යුක්රේනය පවසයි.

ඒ, යුක්රේනයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ රුසියානු හමුදාව යටතේ පැවැති ගම්මාන 03 ක් මුදා ගැනීමෙන් අනතුරුවයි.

ඩොනෙට්ස්ක් ප්‍රදේශයට යාබද බ්ලහොඩට්නේ සහ නෙස්කුච්නේ මෙන්ම මකරිව්කායන ප්‍රදේශ යුක්රේන හමුදාව විසින් එලෙස අත්පත් කර ගෙන තිබේ.

එම ප්‍රදේශවල බලය අල්ලා ගැනීමෙන් අනතුරුව යුක්රේ හමුදා ජය සමරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Similar Posts