ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් නිවේදනය කළාය.

සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ.

නමුත් මීට වඩා වේගයෙන් නීති ලිහිල් කරන ලෙස ඉල්ලා  ජන විරෝධතා පැවැත්විණි.

ජර්මනියෙන් වාර්තා වී තිබු කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන 169,218ක් වන අතර කොවිඩ්-19 රෝගයෙන් ජර්මනිය තුළ 7,395ක් මිය ගොස් තිබුණි.

Similar Posts