ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ.

කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය.

St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි.

‘‘ලියුම් කවරය විවෘත කළාම මට ඇස් අදහගන්න බැරි වුණා“ යැයි එම ආයතනයේ නිලධාරිනියක් කීවාය. ‘‘It was just amazing and incredible. I’m still in shock. It’s definitely life changing.”

මේ සේවකයන්ගෙන් සමහරෙක් පැවසුවේ, තමන් කිසිදු දිනෙක මෙවැනි කෘතගුණ දන්නා සමාගමක් හැර දමා යාමට සිහිනෙන්වත් නොසිතන බවයි.

Similar Posts