ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ.

හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන කිහිපයකින් දේශසීමා බිඳ දමමින් ඊශ්‍රායලයට ඇතුල්වෙමින් සිටී. ඔවුන් ඊශ්‍රායල් ජාතිකයන් විශාල පිරිසක් සිරකරුවන් ලෙස පලස්තීනය දෙසට රැගෙන යමින් සිටිනා අකාරය සී,එන්.එන් ඇතුළු මාධ්‍ය ගණනවක් සජිවීව විකාශණය කරමින් සිටී.

අල්ලාහු අක්බාර් යනුවෙන් හඬනගනා හමාස් සටන්කාමින් පිරිසක් ඊශ්‍රායල් තරුණියක් සිය ජීප් රථයට නංවාගන්නා අකාරය එක් වීඩියෝවක දැක ගත හැකි විය. මේවන විට 800 කට අධික ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් අතුරු දහන්ව ඇති බව වාර්තාවේ. ඉන් බහුතරය හමාස් සටන්කාමීන් සිර කරුවන් ලෙස රඳවගෙන ඇතිබව පැවසේ.

Similar Posts